සාදරයෙන් පිලිගනිමි !!!

වෙලාව බලාගන්න ........

15.10.12

වෙද ශාස්ත්‍රය සහ සටන් ශාස්ත්‍රය


වෙද ශාස්ත්‍රය සහ සටන් ශාස්ත්‍රය අතර ඇති නෑකම.

සරලවම කිව්වොත් මේ දෙන්නා නිකන් අයියයි මල්ලියි වගේ. මේ දෙන්නගේ නෑකම
හොඳින්ම පෙන්වන්න පුළුවන් පැත්තක් තමයි නිල ශාස්ත්‍රය. කවුරුත් නොදන්නවා උනාට ලෝකේ තියෙන සෑම සටන් කලාවකම මේ නිල ශාස්ත්‍රය අඩංගු වෙනවා. (එම්.එම්.ඒ. හැර)

එනමුත්,
ඒ සටන් කලාවල එම ශිල්පීය ක්‍රමයන් හැදෑරීමට එළඹෙන කාල පරාසයන් වෙනස් වෙනවා. නිල ශාස්ත්‍රයට මුල් තැනක් දී කටයුතු කරන අපගේ දේශීය අංගම්පොර සටන් කලාවේ උනත් සිසුවෙක්ට නිල ශාස්ත්‍රය ඉගෙනගැනීමට හැකියාව ලැබෙන්නේ වසර ගණනාවක් ගියාට පසුවයි.

නමුත් '
ඩිම් මාක්', 'ඇටමි වාසා' වගේ සටන් කලාවන් ගතහොත් ඒවායේ මුල සිට අග දක්වාම ඉගැන්වීම් පදනම් වෙලා තියෙන්නේ තනිකරම නිල ශාස්ත්‍රය පදනම් කරගෙන. ඒ කියන්නේ ඔයා අද 'ඩිම් මාක්' හරි 'ඇටමි වාසා' හරි උගන්වන පන්තියකට ගියොත් ඔයාට අද ඉදන්ම නිල ශාස්ත්‍රය ඉගෙනගන්න පුළුවන්.

සරලව කිව්වොත් වෙද
ශාස්ත්‍රයේදී නිල අල්ලන්නේ ජීවිතයක් බේරගන්න. නමුත් සටන් ශාස්ත්‍රයේදී නිලයකට පහර දෙන්නේ ජීවිතයක් විනාශ කරන්න නැතිනම් ජීවිතබාධයක් කරන්න. වෙද ශාස්ත්‍රයේදී 'වෙද නිල' වශයෙනුත් සටන් ශාස්ත්‍රයේදී 'මරු නිල' වශයෙනුත් හඳුන්වන මෙය ඇතැමුන් 'මර්මස්ථාන' ලෙසද හඳුන්වනවා.

සමහරක් ස්ථාන
වෙද කලාවෙන් හා සටන් කලාවෙන් වෙන් වුනත් බොහෝ ස්ථාන පොදුයි. ඒවා වෙන් වන්නේ එම නිලයන් උත්තේජනය කරන ආකාරය අනුවයි. ඒ කියන්නේ යම් අයෙක් නිලයක් තියෙන තැන දැනගත්ත පලියට එය සටන් කලාවේදී හෝ වෙද කලාවේදී යොදාගන්න බෑ ඊට අදාල වූ ශිල්පීය ක්‍රමය නොදැන.

උදාහරණයක්‌ විදියට ගත්තොත් අපේ සිරුරේ
එක්තරා නිලයක් තියෙනවා. එය තමාගේ පැත්තට කරකවා උත්තේජනය කරොත් බරපතල හිසේ රුදාවක් උනත් ක්ෂණිකව සුව කරගන්න පුළුවන්. නමුත් ඒ නිලයම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට කරකවා උත්තේජනය කරොත් නැති හිසේ රුදාවක් උනත් හදාගන්න පුළුවන්.

ආයෙමත් අපි අපේ දේශීය සටන් කලාව දිහාවට හැරුනොත් මේ අංගම්පොර සටන් කලාවේත්
නිර්මාතෘවරයා දේශීය හෙළ නිල වෙදකම සම්බන්ධ ඉතා දක්ෂ වෙදෙක් බවටත් කියැවෙනවා.

තව ඕන තරම් මේ ගැන ලියන්න පුළුවන්. ඒත් මේක කියවන ඔයාලටත් යමක් ලියන්න ඉතුරු කරලා කවියකින්ම මේ ලිපිය මෙතනින් අවසන් කරනවා.


වියතක් ගෙන පටන් ගනින් හිස් මුදුනෙන්

එය ඇරගෙන හෙමින් වෙරෙන් හොඳ සිහියෙන්

කකුල් දෙකේ මැදගිලි වෙත එහෙම වරෙන්

දැන් දැනගන් ඒ හරුපය මේ කවියෙන්


(
කවියේ අයිතියද අප සතුය ! )

ජය ශ්‍රී !
 
උපුටා ගෑනීම මුහුණු පොතෙන් ...!

3.9.12

බෝධි පූජාව


බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද
මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය
ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාරී වූයේ බෝ ගසයි ...උන්වහන්සේද බෝධියට කාලගුණ සලකුවේ නැද්ද ....එසේ නම් එහෙම කරන්නට හේතු මොනවාද
ගහ කොළ ගැන අද්යාත්මික බලවේග හෝ ශක්තීන් ගැන සොයාබැලීම සඳහා ලොව පුරා විද්වතුන් යොමු වීමට හේතුව පොලිග්රාෆ් නමැති යන්ත්‍ර පිළිඹඳ විද්‍යාඥයකු වූ ඇමරිකන් ජාතික ක්ලීව් බැක්ස්ටර් විසින් සොයා ගන්න පරීක්ෂනයකින්ය .කෙනෙක් බොරු කියනවාද නැද්ද යන්න සොයා බලන මෙම යන්ත්‍රය ගල්වනොමීටරයකට සමාන වේ ..තම පරීක්ෂනාගාරයේ සිටින අවස්ථාවකදී එහි තිබූ පැලයකට වතුර ටිකක් දමා පොලිග්රාෆ් යන්ත්‍රක් සවි කිරීමට මොහුට සිත් විය ...මෙය කිරීමෙන් ඔහුට දක්නට හැකිවූයේ බලාපොරොත්තු නොවොඕ දෙයකි...එනම් සුළු මානසික තෘප්තියක් ලබපු කෙනෙක්ගේ තත්වයක් එම උපකරණයට දැනීමය.....
පසු කලෙක තවත් පරීක්ෂණයක් මොහු කළේය ..කාමරයක පැල 2ක් තබන ලදී 6 දෙනෙක් තොර ගත්හ 5 දෙනෙකුට කිව්වේ කාමරයට ගොස් පැල 2ක දිහා බලාගෙන එන ලෙසටය ,,,එක කෙනෙකුට කිව්වේ කාමරයට ගිය පසු එක පලයක් පොඩිකර පග විනාශකරන ලෙසය...ඔහු එය කළේය ...ඉන්පසු නැවත එම කට්ටියට ඉතිරි වුන පැලය ඉදිරියට එන ලෙස කීවේය ..එම පැලයට පොලිග්රාෆ් උපකරණයක් සවි කලීය ... ඔවුන්ගෙන් පැලය දෙස බලා එන්නට කියු 5 දෙනාට
පැලය කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැති අතර ..කලින් ගහ විනාශ කල පුද්ගලයා ලඟට ආ විගස "අපරාධකාරයා ආවා කියන්නාක් මෙන් "ඉතිරි පැලැටිය මහත් විපර්යාසයක් පොලොග්රාෆ් යන්ත්‍රයෙන් පෙන් වීය
ඉහත තොරතුරුවලින් ඔප්පුවන්නේ ගසක් මිනිසාට දක්වන ප්‍රතිචාරය යි
මීට වඩා ගොඩක් පරීක්ෂණ ඇති මුත් ලිපිය දීර්ග වන නිසා ඊ හැම දෙයක්ම පළ නොකරන්නේමු
සැබවින්ම ගතහොත් ගහකොලවලට අපගේ සිතුවිලි හඳුනා ගත හැක ...ගසකට සංවේදී වෙනවා යනු විශ්වය සමග සන්නිවේදනය කිරීමී මද්‍යකි...එම නිසා බෝධිපූජාව යනු විද්‍යාත්මක විශ්ව සන්නිවේදන මදයක් නොවන්නේ ඇයිද ...?
ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී බුදු වී මිස නොනැගිටිමියි අදිටන් කොට, මෙයින් වසර 2597කට පෙර වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.
බෝධියයන්නෙන් අදහස් කැරෙන්නේ අවබෝධය ලැබීමයන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධවෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධයන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ලෝකයයනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. බෝධියයන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.
එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2551 ක් වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.
ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.
බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එයබුද්ධානුස්සතිභාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින්
කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.
බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.
සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං
ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.
දඹදිව ජය ශ්‍රී මහා බෝධියේ දී කොඩි එල්ලා තිබෙනු දක්නට ඇත. ඒ අමනෝඥ ක්‍රියාව කරන්නේ ශ්‍රී ලාංකිකයන් වීම, ලැජ්ජාවට කරුණකි.
බෝධීන් වහන්සේගෙන් දරුඵල පැතීමත් විභාග සමත්වීමත්, පවුලේ ග්‍රහ අපල දුරුවීමත් සඳහා පිහිට පැතීම බුදු දහමට පටහැනි ක්‍රියාවකි. බෝධීන් වහන්සේගෙන් යම් යම් දේ ඉල්ලීම නම් බෝධි පූජාවක් නොවේ.
බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ආනන්ද බෝධියනමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.
මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.

මෙතෙක් දැක වූ කරුවූ අනුව පර්යේෂණ කරුණු වලින්ද බෝධි පූජාවක සත්‍යතාවය ඔබට පහසුවෙන් වටහා ගත හැක ...අප බෝධියට ආදරයෙන් ...ගෞරවයෙන් පහන් දල්වා ,කොඩිවැල් බැඳ ,පැදකුණු කර නාවන විට ,ගාථ පිරිත් සජ්ජායනය කරන විට ,කවි කියන විට , කිරිබත් මල් හා පහන් පූජා කරන විට අපගේ ආදරය පෙන්නා පිහිට ඉල්ලන විට ,,,බෝධියද යහපත් ශක්ති කිරණ නිකුත් කරයි ...සාමානයෙන් බෝධි පූජාවක් දින නමයක් විසි එකක් ආදී වශයෙන් කරන විට ..බෝධිය අපිව හඳුනා ගනී .....අපි අවන්කවම බෝධියට ආදරය කරන්නේ නම් ගෞරව කරන්නේ නම් ,බෝධිය ද අපිට ප්‍රතිචාර දක්වමින් අප සමග ආද්යාත්මිකව සම්භන්දව සිටී ...අප ගෙදරින් පන්සලට පිටත්වන වෙලාව පවා බෝධියට වැටහේ ...බෝධිය වතුර වලින් නාවීමෙන් තෘප්තිමත් වන බව බක්ස්ටර්ගේ පර්යේෂණවලින් හෙළිවෙන අතර ...මෙත්ත සූත්‍රය මතුරා බෝධිය නාවීමෙන් වඩාත් බෝධි පූජාවේ ප්‍රතිපල ලැබෙන බව මතක තබාගත යුතු වේ ......එමෙන්ම බෝධිය අපගේ සපෙහිදීත් දුකෙහිදීත් සංවේදී වන බව අප මතක තබා ගත යුතු වැදගත් කාරණයකි ....බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීරයේ රශ්මි මාලාව හා මුසුවී අපට ශාන්තිය උදා කරන අතර ...ආදී විස්සක් තරම් දුරට විහින්දෙන ශක්ති පද්ධතියද අපගේ එවන් ශක්ති පද්ධති හා එක්ව මුසුවී ශාන්තියක් සතක්ම උදා කරයි ....අප උදාහරණයක් ලෙස විපතකට පත් උවෙක් ගැන සිත හෝ රූගියෙක් ගැන සිත බෝධි පූජාවක් තබන විට ...අපගේ චිත්ත ශක්තියහා ශබ්ධ තරංග බෝධිය හඳුනාගෙන ,,එමගින් ඒ අදාළ පුදගලයාට සෙතක් සැලසෙන ශක්තිතරංග නිකුත් කිරීමට බෝධියට හැකිය ,,,එනම් බෝධි පූජාව යනු විශ්ව සන්නිවේදන මාද්යකි ..
අපට හිතගනීමටත් නොහැකි ශක්තීන් ගහකොළ හා අපාතර බැඳීම් තුලින් ඉස්මතු කිරීමට හැකිය ...එමෙන්ම දෙවියන් හා අප අතර සම්බන්දය බෝධිය නිසා බෝධිපූජාතුලින් අපට උදාකර ගත හැක ....එසේම අප පූජාකරන මල පවා නිකම්ම නිකන් මලක් නොවිය යුතුය යම්කිසි ආලෝක කිරණක් විහිදීමට එයට හැකි විය යුතුය ,,,එම මලෙන් නිකුත් කරන කිරණ අපගේ චිත්ත ශක්තිය සමග මුසුව බෝධිය හා සම්භන්ද වී අපට ශාන්තිය උදා වේ ...මෙම මල් බුදුරජානන් වහන්සේට පූජාකරන මල් නම්...එයින් සිදුවන යහපත අමුතුවෙන් කිව යුතු නැත
මෙහිදී ග්‍රහ අපල ගැන යමක් කිව යුතුය ....
අපගේ පොලව තමාවටා කරකැවෙයි ....තමාවටා කරකැවී ඉරවටා කරකැවෙයි ..හඳ අපගේ පලව වටා කරකැවෙයි .....ග්‍රහ ලෝක අපගේ ඉරවටා කරකැවෙයි ....මේ හැම ග්‍රහයෙක්ගෙන්ම පෘතුවියට ඇදුම් කෑමේ ශක්තියක් ඇත .....සත්වයෙක් උපදින වෙලාව අනුව ඔහු උපදින වෙලාවට බලපාන ග්‍රහයෝ කීපදෙනෙක් ඇත ....මෙය මොහොතින් මොහොත වෙනස් වෙයි ...සත්වයා මව් කුසේ ඉන්නතක් ආරක්ෂිතය...මව් කුසෙන් එලියට ආ පසු අහු වටෙන්නී අර ග්‍රහ පල පාම වැටෙන පරිසරයටය ....ඒ අනුව එම සත්වයාගේ කේන්ද්‍රය සාදයි ....යම්කිසි ග්‍රහයෙක් ගේ කිරණ ඔහුට අයහපත් වන්නට පුළුවන...එහිදී බෝධි පූජාව මගින් එම සත්වයාහට බෝධියට කන්නලව් කර පිහිට පැතීමෙන් .....බෝධියෙන් යහපත් කිරණ විහින්දුවා එම සත්වයා හට අයහපත් ග්‍රහ කිරණ මගින් සිදුවන කරදර මග හරවා ගත
හැක ...

ඒ එම ආර් බෝබෙගෙදර මහතා ලියු විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි කෘතියෙන් බොහොතොරතුරු ලබා ගන්න ලදී

සාදු සාදු !!!


 සාදු සාදු සාදු !

මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි
පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී.

මොවුන් සියලූ
දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.

‘‘
භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.

(
මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)

මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම්
කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.

‘‘
භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’

(
මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)

මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම්,


‘‘
පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.

මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව
ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.

ඉන්දීය
පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි.

මෙම පූජනීය ධාතු සොයා
ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන නාමයෙනි.

බ්‍රාහාමීය අක්ෂරයෙන් කරඬුවේ සටහන් කර ඇති සටහනකි.


සුකිතිභතානං සභගි. නිකානං සපුනදලනං. ඉයං සලිල නිධනෙබුධය භගවතෙ සකියානං

එයින් කියවෙනුයේ
මේ ශරීර අස්ථි නිධානය ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේබවයි. මෙහිදී හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ගණන විසි දෙකකි. එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අවුරුදු 33ට පසු නැවතත් කපිලවස්තු පුර ධාතුන් වහන්සේලා ලක්වැසි ජනතාවට වන්දනා කීරිමට අවස්තාව හිමිව තිබේ.

නමෝ බුද්ධාය !

Gmail

සුබ ගමන් !