සාදරයෙන් පිලිගනිමි !!!

වෙලාව බලාගන්න ........

3.9.12

සාදු සාදු !!!


 සාදු සාදු සාදු !

මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි
පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී.

මොවුන් සියලූ
දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.

‘‘
භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.

(
මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)

මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම්
කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.

‘‘
භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’

(
මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)

මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම්,


‘‘
පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.

මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව
ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.

ඉන්දීය
පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි.

මෙම පූජනීය ධාතු සොයා
ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන නාමයෙනි.

බ්‍රාහාමීය අක්ෂරයෙන් කරඬුවේ සටහන් කර ඇති සටහනකි.


සුකිතිභතානං සභගි. නිකානං සපුනදලනං. ඉයං සලිල නිධනෙබුධය භගවතෙ සකියානං

එයින් කියවෙනුයේ
මේ ශරීර අස්ථි නිධානය ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේබවයි. මෙහිදී හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ගණන විසි දෙකකි. එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අවුරුදු 33ට පසු නැවතත් කපිලවස්තු පුර ධාතුන් වහන්සේලා ලක්වැසි ජනතාවට වන්දනා කීරිමට අවස්තාව හිමිව තිබේ.

නමෝ බුද්ධාය !

No comments:

Post a Comment

Gmail

සුබ ගමන් !