සාදරයෙන් පිලිගනිමි !!!

වෙලාව බලාගන්න ........

14.8.12

ලොවෙත් නැති විසඳුම්


ලොවෙත් නැති විසඳුම්

මුලින්ම කියන්න ඕන මේ එකක්වත් මගේ අදහස් නම් නොවන බව. ඊ තැපෑලක තමයි මේ විස්තරේ තිබුණේ. හැබැයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සොයල බැලුවම විසඳුම් සත්‍යය බව පෙනී යනවා. ආයෙත් පාරක් වැරදුණු වෙලාවට කරලම බලන්නකෝ...

1.
කූඹි කරදරේට
අපි කාගෙත් ගෙවල් වල පැණි රස දෙයක් බේරගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ තමයි මේ කූඹි යාලුවෝ. ගෙදර පිපිඤ්ඤා නැත්නම් කැකිරි තියෙනව නම් පොඩි පෙත්තක් කපල කූඹි ගුල ලඟින් තියල බලන්නකෝ. කූඹි කරදරේ එතනින්ම ඉවරයි.

2.
මූණ බලන කණ්ණාඩි පිරිසිදු කරගැනීමට
ගෙදර මූණ බලන කණ්ණාඩිය නැතිනම් රැවුල කපන්න භාවිතා කරන කණ්ණාඩිය අපහැදිළියිද? එහෙනම් කරන්න තියෙන්නේ විනාකිරි ටිකක් අරගෙන හොඳින් පිරිසිදු කිරීම පමණයි. මේකට මධ්‍යසාරත් භාවිතා කරන්න පුළුවන් කියනවා.

3.
ඇඳුමේ චුවින්ගමයක් ඇලවුනොත්
මේක නම් හරිම කරදරකාරී දෙයක්. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අපේ යාලුවොන්ට මේ දේට මුහුණ දෙන්න සිදුවන බව විශ්වාසයි. ඒත් මීලඟ වතාවේ එහෙම ඇලවුනොත් කරන්න තියෙන්නේ ඒ ඇඳුම අධි ශීතකරණයේ පැයක් පමණ තැබීම පමණයි. ඊට පසුව පහසුවෙන්ම චුවින්ගමය ඉවත් කරගැනීට ඔබට පුළුවන්.

4.
ළූණු කපනකොට කඳුළු එනවද?►
ළූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. මේක පිරිමි පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ. මීලඟ පාර ළූණු කපනකොට චුවින්ගම් එකක් හපන්නකෝ. එතකොට නිකරුණේ අඬන්න වෙන්නේ නෑ.

5.
ඇඳුමේ පෑන් තීන්ත තැවරුනාම
Office
ඇඳුමේ, පාසැල් ඇඳුමේ තීන්ත පැල්ලම් ඇති වුනොත් කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඒ තීන්ත තැවරුණු තැන දත් බෙහෙත් තවරන්න. ඉන්පසු එය හොඳින් ඝන වීමට හරින්න. දැන් සෝදල බලන්නකෝ...

No comments:

Post a Comment

Gmail

සුබ ගමන් !